Wednesday, January 3, 2018

ලාංකීය රජදරුවන් භික්‍ෂුන් වහන්සේලා විෂයෙහි පැන වූ නෛතික තත්ත්වයන්


                                                                                                                  දිවයින  බදාද අතිරේකය

මෙරටට බුදුසමය හිමි වූයේ දේවානම්පියතිස්‌ස රජු දවසය. එකී බුදුසමය ලංකාද්වීපයට හිමි වීම ස`දහා අශෝක රජු ප්‍රබල මෙහෙයක්‌ සිදුකරන ලදී. විශේෂයෙන්ම භික්‍ෂුන් වහන්සේලා විශාල වශයෙන් දූර්පක්‍ෂී වූ සමයක්‌ ලෙස අශෝක රජු දවස හැඳින්විය හැක. භික්‍ෂු පරපුර දුර්පක්‍ෂීව පැවැතීමෙන් පසුව එය පිරිසිදු කිරීමෙන් අනතුරුව මෙරට භික්‍ෂු පරපුර හටගත් බව ස`දහන් කළ යුතු ය. එහිදී අතිශය පිරිසිදු නො කැළැල් තත්ත්වයක්‌ බලාපොරොත්තු වීම ප්‍රායෝගික නොවන බව ද පෙන්වා දිය යුතු ය.
 
 කෙසේ වුවත් මෙම විමර්ශනය තුළින් බලාපොරොත්තු වන්නේ අතීත රජ දරුවන් කුමන ආකාරයකින් භික්‍ෂු සංස්‌ථාවට මැදිහත්වීම සිදු කළේ ද යන්නය. භික්‍ෂුන් වහන්සේලා ස`දහා Rජුවම නීති පැනවූයේ ද එසේ නොමැති නම් මහ තෙරවරුන් හරහා භික්‍ෂුන් මෙහෙය වූයේ ද යන්න මෙහිදී පැහැදිලි වනු ඇත. භික්‍ෂුන් වහන්සේලාගේ සීමාව, රජුගේ සීමාව සහ අමාත්‍යවරුන්ගේ සීමාවන් උක්‌ත ශිලා ලිපි හරහා අවබෝධ කර ගැනීමට ද හැක.
 
 මූලිකව ම භික්‍ෂුන් වහන්සේලාගේ ක්‍රියාවලීන් ස`දහා පූර්ණ මැදිහත්වීමක්‌ දැක්‌වූ රජෙකු ලෙස අශෝක රජු හඳුන්වා දිය හැක. ඔහුගේ රාජ්‍ය කාලය තුළ භික්‍ෂු ශාසනය ශෝධනය කිරීමක්‌ සිදු විය. විශේෂයෙන්ම අශෝක රජුට පැළලුප් නුවර සතර දොරටුවෙන් හාර ලක්‍ෂයක්‌ ද අධිකරණ සභාවෙන් ලක්‍ෂයක්‌ ද දිනපතා පන් ලක්‍ෂයක්‌ ඉපදිණි. රජ තෙමේ මෙම සියලු ධනයෙන් විශාල කොටසක්‌ භික්‍ෂුන් වහන්සේලා ස`දහා වැයකර ඇත. එසේ ම සතර දොරටුව ඉදිරිපිට භික්‍ෂුන් වහන්සේලාට බෙහෙත් වර්ග ස`දහා විශාල වශයෙන් වියදම් කෙරිණ. (විපස්‌සි හිමි, 2015, පිටු 217) මෙලෙස ඇති වූ ලාභ සත්කාර නිසා තීර්ථකයන් ද භික්‍ෂු ශාසනයට ඇතුළත්වීම සිදු විය. ඉන් භික්‍ෂුන් පොහොය කර්මය කිරීමට පවා මැදිහත් නොවිණ. මෙවන් පසුබිමක්‌ තුළ අශෝක රජු එම කටයුතු ස`දහා මැදිහත් විය. එහිදී ඒ පිළිබ`ද සොයා බැලිSමට ආමාත්‍යවරයකු යොමු කරන ලදී.
 
 එහිදී ආමත්‍යවරයා භික්‍ෂුන් වහන්සේලා පොහොය කර්මය සිදු නොකරන්නේ මන්දැයි නොවිමසා පොහොය කර්මය නොකරන භික්‍ෂුන්ගේ හිස්‌ ගසාදමමින් ඉතා කෲර දුර්දාන්ත කටයුත්තක්‌ මෙහෙය වීය. (විපස්‌සි හිමි, 2015, පිටු 218) ඉන් අනතුරුව එම කාර්යය ආශෝක රජුගේ ඥාතීත්වයක්‌ ඇති තිස්‌ස තෙරුණුවෝ (පැවිදි වීමට පෙර යුවරජු) නවතා දමා අශෝක රජු දැනුවත් කිරීම සිදුකර ඇත. රජු අතිශය ශෝකයට පත්විය. මන්ද ඔහු කිසිවිටක නොසිතූ නොපැතූ ක්‍රියාවක්‌ ආමත්‍යවරයා ක්‍රියාත්මක කිරීම හෙයිනි. රජුගේ ශෝකය මැඬලීම ස`දහා භික්‍ෂුන් වහන්සේලා කටයුතු කර ඇත. රජු විසින් තීන්දු, තීරණ, නියෝග ලබා නොදුන් නිසාවෙන් එම පාපය රජු කෙරෙහි ක්‍රියාත්මක නොවන වග භික්‍ෂුන් වහන්සේලා පහදා දෙන ලදී.
 
 අනතුරුව අශෝක රජු විසින් පෙරට වඩා බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රබල මැදිහත්වීමක්‌ සිදුකර ඇත. ලාභ සත්කාර මැද තීර්ථකයන් ද මහණ වූ හෙයින් භික්‍ෂු සංස්‌ථාව ශෝධනය කිරීමට කටයුතු කර ඇත. මෙවැනි පසුබිමක භික්‍ෂු වේශධාරී 60,000 ක පිරිසක්‌ නෙරපීමට කටයුතු කර ඇත. සෑම තීන්දු තීරණයක්‌ පිටුපස මොග්ගලිපුත්තතිස්‌ස මහ තෙරණුවන් ඇතුළු එවකට ශාසන බලධාරී භික්‍ෂුන් වහන්සේලා රැසක්‌ සිට ඇත. කිසිදු අවස්‌ථාවක දේශපාලන හිතැති මත රජු කටයුතු කර නොමැති අයුරු ස`දහන් කළ යුතුය. එනම් රජු බුද්ධ ශාසනයේ දියුණුව උදෙසා සුපේෂල ශික්‍ෂාකාමී භික්‍ෂු සංඝයා වහන්සේගේ අදහස්‌ ක්‍රියාත්මක කර ඇති බවක්‌ අවබෝධ කරගත හැක.
 
 මිහින්තලා පුවරු ලිපිය හරහා ලාංකීය රජදරුවන් කුමන අකාරයකින් භික්‍ෂු සංස්‌ථාවට සහ එහි පැවැත්ම වෙනුවෙන් ක්‍රියාකර ඇත්දැයි විමසා බලමු. මෙම ලිපිය රචනා වන්නේ අනුරාධපුර අගභාගේයේදී ය. එනම් ක්‍රි. ව. 10 වැනි ශතවර්ෂයේදී පමණ 4 වැනි මිහිඳු රජු දවසය (අමරවංස හිමි, 1969, 298). ලිපියේ අන්තර්ගත වී ඇත්තේ ෙච්තියගිරි විහාරයේ අභ්‍යන්තර පාලනය පිළිබ`ද වූ ව්‍යවස්‌ථා, භික්‍ෂුන් වහන්සේලා පිළිපැදිය යුතු සිරිත් විරිත් හා භික්‍ෂුන් වහන්සේලා ස`දහා රජුගෙන් සිදු වූ යුතුකම් ආදියයි (අමරවංස හිමි, 1969, 298). ෙච්තියගිරි විහාරයට වෙනම නෛතික පද්ධතියක්‌ අවශ්‍ය වූයේ ක්‍රි. ව. 10 වැනි ශතවර්ෂයේදී එම විහාරය අශ්‍රිතව සිදු වූ අකටයුතුකම් නිසාවෙනි. මෙවැනි පසුබිමක රජු මැදිහත් වී ඇති ආකාරය විමසා බැලීම වටී. එසේම විහාරස්‌ථානයට අය වූ සියලුම මුදල් කෙරෙහි රජු දැක්‌වූ ප්‍රතිපත්තිය පැහැදිලි කරගැනීම මෙම`ගින් විමර්ශනය කෙරේ. සුපුරුදු පරිදි ශිලාලිපිය ආරම්භ කර ඇත්තේ 4 වැනි මිහිඳු රජු අති උත්කර්ෂවත් අන්දමින් වර්ණනා කිරීමෙනි. රජු රාජ්‍යත්වය ලබා 16 වැනි අවුරුද්දේ දී ෙච්තියගිරි සහ අභයගිරි වැසි භික්‍ෂුන් වහන්සේලා රැස්‌ කිරීමෙන් පසුව එම විහාර පාර්ශ්වයේ පවතින පෙර සිරිත් පිළිබ`දව විහාර දෙපාර්ශ්වයටම අවබෝධයක්‌ ලබාදී ඇත. ඉන් අනතුරුව, හෙරට්‌ මෙ සිරිත් තුබුව වටී නිසිමේන් හා සසැන්ද මෙ වෙහෙරැ වසන හෙබික්‌ ස`ග් හිමියනට්‌ ඉසා (අමරවංස හිමි, 1969, 299 පිටු). ෙච්තියගිරි විහාරයට සිරිත් තැබීමට සුදුසු දැයි විමසා ඉන් අනතුරුව අදහස්‌ වශයෙන් ගැලපූ පසු ෙච්තියගිරියේ වාසය කරන භික්‍ෂු සංඝයාට ද දාසයන්ට ද කාර්මිකයන්ට ද බලපාන අන්දමින් නෛතික තත්ත්වයන් සකස්‌ කර ඇත. භික්‍ෂුන් වහන්සේලා හිමිදිරියේ අවදිවීමත් ඉන් අනතුරුව උන්වහන්සේලා පුරුදුකර ඇති ක්‍රියාවලින් සිදු කිරීමත් කළ යුතු ම ය. උන්වහන්සේලාට නියමිත දානය ආදිය පිළිගැන්වීම දායකයන්ගේ ප්‍රබල වගකීමකි. විහාරයට දැකුම් ලැබෙන ගම්බිම්වලින් වෙනත් කිසිදු විහාරයක්‌ නඩත්තු කිරීමට නොහැකිය. එසේම විහාරයේ සිරිත් කඩන භික්‍ෂුන් වහන්සේලාට දඬුවම ලෙස එම විහාරයේ වාසය කිරීමට ඉඩ නොදිය යුතුය. එසේම ආරාමාධිපතීන් වහන්සේ, විහාර ආරක්‍ෂකයා ද කෘත්‍ය සංවිධායක ද භාණ්‌ඩාගාරික ද විහාරයෙහි කටයුතු පරීක්‍ෂා කරන්නා ද විහාර ලේඛකයා ද පෙට්‌ටි පිළිබ`ද ලේඛකයා ද ආදි පිරිස ඇතුළු විහාරයේ අය - වැය නිවැරදිව සකස්‌ කළ යුතුය. එහිදි විශේෂයෙන්ම විහාරයට ලැබුණු මුදල්වලින්, දාගෙහි වැට්‌ තෙල්ට්‌ මෙගැමියන් පයලක්‌ ඉසා ද, ගෙහි හෙළ් මල් ඔනා මල්වර් මල් දෙන මහනෙල් (අමරවංස හිමි, 1969, 304 පිටු) ෙච්තියගිරියේ ඇති සෑම විහාරාංගයක්‌ම රන් කලන් සියයක්‌ ගෙන ඒවා අවුරුදු පතා ප්‍රතිසංස්‌කරණය කළ යුතුය. එසේම නව කර්මාන්ත ද කළ යුතු ය. එසේ ම විවිධ විහාරාරංග ප්‍රතිසංස්‌කරණය ස`දහා නානා ගම්වලින් අයවන දඩ මුදල් Rජුවම විහාරයට පවරා තිබිණ. දගෙ පිsළිමගෙහි බත් ගුතෑ කරන්දැ දෙගැම්හි දුම්මලස්‌සමුන් ගෙදඩ් කොදඩ්. (අමරවංස හිමි, 1969, 301 පිටු)
 
 ධාතු ගෘහය, ප්‍රතිමා ගෘහය නඩත්තු කිරීමට දඩ රැගෙන ඇත්තේ ගුතෑ, කරත්ද යන ග්‍රමද්වයෙනි. එහිදී එහ ගම් වැසියන්ගේ අය කරන ගෘහ දඩය කුඩා දඩයක්‌ කොට අයකර ඇති අතර ඔවුන්ගේ සේවය විහාරයේ ප්‍රතිසංස්‌කරණ ස`දහා යොදවා ඇත. එසේ 
 
*  සංවැල්ලෙහි ගෘහ දඩය
 
*  මනුවැසති වැවෙහි අයවන දඩය
 
*  විහාරයට අයත් භූමියේ වාසය කරන අයගේන් ගත් බිබි බද්ද.
 
 ආදිය ද විහාරයේ නඩත්තුව ස`දහා යොමුකර ඇත. එසේම මෙම අයවන සියලු දඩ මුදල් හා ඊට අදාළ ධාන්‍ය ආදිය කිසිදු විහාරයේ කාර්මිකයකු හෝ නොගත යුතුය. ඒවා ආරාමාධිපතින් වහන්සේට භාරදිය යුතුය. එසේම මෙම විහාරයට අදාළ සෑම අයවීමක්‌ සහ වැයවීමක්‌ම විහාරයේ කාර්මිකයන් අත්පොතක සටහන් කළ යුතුය. එය මාසයක්‌ පාසා සටහන් කරන අතර අත්පොතෙහි සටහන් කොට ඉන් අනතුරුව අවුරුද්ද අවසානයේ අවුරුද්දට ආදළ සටහන් පොතේ සටහන් කරනු ඇත. 
 
 මිහින්තලා පුවරු ලිපිs අංක 02 ද බොහෝ තොරතුරු සොයාගත හැකිය. එහිදී විහාරයේ සිටින ආරාමාධිපති හිමියන්ට පවා දිනපතාම සහල් එක්‌ නැලියක්‌ ද වස්‌ වසන ධර්ම දේශනයේදී රන් කලන් එකක්‌ හා අක සතරක්‌ ලබාදී ඇත. මෙලෙස වස්‌ පවාරණ ධර්ම දේශනයේ දී ද එවැනිම අකාරයට දැකුම් ලබාදී ඇත. එසේම විහාරයෙන් අයමුදලක්‌ ලබාගැනීම රජය විසින් කිසිසේත්ම නොකර ඇත. විහාරයේ සේවයේ නියතු වූවන්ට විහාරයට අයත් ඉඩම් වගා කිරීමට හැකියාව ලැබී ඇත. භාණ්‌ඩාගාරික, ලේඛක, කර`ඩු පිළිබ`ද ලේඛක, කර`ඩු සීල් තබන්නා, ආරක්‍ෂක වෘත්තිකයා, විහාර සරසන්නා, උත්සව සංවිධායක, ජල සම්පාදනය කරන ප්‍රධානියා ආදි විහාරයට සම්බන්ධ බොහෝ කාර්මිකයන් රැසකට අයබදු (වැටුප්) ලබාදීම ද සිදු වී ඇත. මෙවැනි අතිශය සංකීර්ණ ක්‍රියාවලියක්‌ කිසිදු ගැටලුවකින් තොරව පවත්වා ගැනීමට අවශ්‍ය කටයුතු 4 වන මිහි`ඳු රජු විසින් සකස්‌කර දී ඇත. මෙලෙස මිහින්තලා සෙල් පුවරු අංක 02 ලිපියෙ අවසානයට මෙම විහාරයට අයිති සෑම ගම්බම්වල පාර බද්ද, මහාර් නම් ලොකු බද්ද ද කලී බද්ද, මෙලාට්‌සිනම් බද්ද ද කණ වැවෙහි දිය බෙදුම් බද්ද ද විහාරයේ නඩත්තුව ස`දහා අයකර ගත යුතු විය. කවර ක්‍රමයකින් හෝ විහාරයට අයත් ගම්බිම් අත්පත්කර ගැනීමත්, ඒවා කිසියම් අයුරකින් උකස්‌ කිරීමක්‌ හෝ පමුණු වශයෙන් ලබාදීමක්‌ නොකළ යුතුය. සිරිත් කඩකරමින් එලෙස ලබාගන්නා මුදල ද අහිමි කොට විහාරයට නැවත එම ඉඩම ගත යුතුය යනුවෙන් මිහින්තලා පුවරු ලිපියේ ස`දහන් වේ. 
 
 ඒ අනුව රජු ආරාම පාලනයට මැදිහත් වුවත් එහි සීමාවක්‌ පැවැති බව අවබෝධ කරගත හැක. කිසිදු අයුරකින් විහාරස්‌ථානයට ලැබෙන අදායම රජය වෙත පවරා ගැනීමක්‌ සිදු නොකර ඇත. මීට අමතරව අපගේ මාතෘකාව පෝෂණය කරනු වස්‌ අනුරාධපුර 5 වැනි කසුප් රජුගේ පුවරු ලිපිය ද මූලාශ්‍රය කර ගන්නෙමු. මේ වූ ලිපිය ද අනුරාධපුර අපර භාගයේ රචනා වූවකි. ක්‍රි.ව. 10 වැනි ශත වර්ෂයට අයත් වූ මෙම ලිපිය 5 වැනි කසුප් (කාශ්‍යප) රජු විසින් පිහිටුවා ඇත. 5 වැනි කසුප් රජුගේ පුවරු ලිපියේ අන්තර්ගතය මෙලෙස දැක්‌විය හැක.
 
 1. කසුප් රජු කළ පින්කම්
 
 2. අභයගිරියේ සීලාමේඝ පබ්බත විහාරයට කළ පරිත්‍යාග
 
 3. අභයගිරි, ෙච්තියගිරි ආදි විහාරස්‌ථානවල හා පධානරඝර, මෙහෙණවර ආදියෙහි අභ්‍යයන්තර පාලනය.
 
 4. විහාර ගම්බිම් පාලන නීති සහ පැවිදි කිරීම පිළිබ`ද නීති.
 
 5. විශේෂ වරප්‍රසාද සහ පඤ්චමහා සාවද්‍ය කළවුවන්ට දිය යුතු ද`ඩුවම් (අමරවංස හිමි, 1969, 193 පිටු)
 
 අපගේ අවධානය යොමුවන්නේ රජු විහාර අභ්‍යන්තර පරිපාලනයට මැදිහත් වූයේ කෙසේ ද යන්න සෙවීමය. ඒ මතු නොව රජු භික්‍ෂුවක්‌ තැනීමේ කටයුතු එනම් පැවිදි කිරීම ස`දහා තොරා ගැනීමට යොදාගත් නිර්ණායක මෙහිදී විමසා බලමු.
 
 විශේෂයෙන්ම මේ වූ ලිපිය ආරම්භ කර ඇත්තේ 5 වැනි කාශ්‍යප රජු පිළිබ`ද ඉතාමත් විචිත්‍ර වර්ණනාවකිනි. රජුගේ රාජ්‍යත්වයෙන් සත්වැනි අවුරුද්දේ අභයගිරි විහාරයෙහි රජුගේ රාජ්‍යයත්වයෙන් සත්වැනි අවුරුද්දේ අභයගිරි විහාරයෙහි කපාරා මුලට සලමෙවන් පව්ව කරවා ඇත. පසුව එම විහාරයේ භික්‍ෂු සංඝයා වහන්සේලා වැඩම කිරීමට සලස්‌වා විහාරයට සුදුසු ව්‍යවස්‌ථවක්‌ සම්පාදනය කර ඇත. එනම් නීති රාමුවක්‌ මැද මෙම ආරාමය ක්‍රියාත්මක කර ඇත. රඡ් මහවෙර්හි ඉසා පිරිවෙන්හි ඉසා පියන්ගල්හි ඉසා මෙහෙණි වර්හි ඉසා ස`ග් සතු, පු`ගුල් සතු ලාභ යෙහි ඉසා (අමරවංස හිමි, 1969, 194 පිටු) රජ මහා වෙහෙරෙහි, පිරිවෙනෙහි, පධානඝරයෙහි හෝ මෙහෙණි අසපුවේ ද ස`ග සතු, පුද්ගල සතු ලාභයන් රාජ්‍ය නිලධාරීන් කිසිම අවස්‌ථාවක නොගත යුතුය යන්න පැහැදිලිව ස`දහන් කර ඇත. මෙලෙස ස`දහන් කරන්නට ඇත්තේ මේ අවධියේ රාජ්‍ය නිලධාරීන් නානා මතවාද ඉදිරිපත් කරමින් ස`ගුන් සතු ලාභය ද පුද්ගලයන් සතු ලාභය ද ගත් නිසා බව සිතිය හැක. ඇත් වෙහෙරැ ගම් බිමින් ගත් හෑමැ දඩ් ඇත් වෙහෙරැ කම්නවාමට්‌ දෙනු ඉසා (අමරවංස හිමි, 1969, 194 පිටු) ඇත් වෙහෙරට අයත් ප්‍රදේශයෙන් ගන්නා සියලුම දඩය කිසිවිටක රජුගේ සුඛවිහරණයට හෝ රාජ්‍ය භාණ්‌ඩාගාරය තර කිරීමට කටයුතු කර නැත. සිදුකර ඇත්තේ ඇත් වෙහෙරේ සිදුවන නව කර්මාන්ත ස`දහා යෙදවීමකි. එය වර්තමාන රජ දරුවන්ට පවා පූර්වාදර්ශයක්‌ වනු නොඅනුමානය. භික්‍ෂුන් වහන්සේලා වැඩ වාසය කරන ආවාසයකට වැරදි කළ පුද්ලයකු පැමිණිය හොත් ඔහුට නියමිත දඬුවම් යම් තරමකින් ලිහිල් වීමක්‌ සිදු විය...අපිළිසරණ වත්හිමියන් ඉසා ලාභ ලදුවන් ඉසා අවස්‌ ලදුවන් ඉසා කළහ යන වරදක්‌ අතපුවාත් මුළැ ස`ගුන් හින්දෑ නිමවනු ඉසා...(අමරවංස හිමි, 1969, 195 පිටු)
 
 උක්‌ත ස`දහන් ව්‍යවස්‌ථාව අතිශය වැදගත් වූවකි. මන්ද පිළිසරණක්‌ නොමැති භික්‍ෂුන් වහන්සේ, ලාභ ලැබූ භික්‍ෂුන් වහන්සේ, ආවාස ලැබූ භික්‍ෂුන් වහන්සේ යන තුන් වැදෑරූම් භික්‍ෂුන් වහන්සේලා සිදුකරන ලද වරදක්‌ ඇතොත් එය භික්‍ෂු සංඝයා ඉදිරියේ විසඳිය යුතුය. එසේ විසඳිය නොහැකි නම් රාජ්‍ය නිලධාරීන් යටතේ විස`දීම සිදුකළ යුතුය. එහිදී දානය සම්බන්ධ ගැටලුවක්‌ ඇති වී ඇත්නම්, භික්‍ෂුන් වහන්සේලා සමගි කිරීම අනිවාර්යය. ඉන් අනතුරුව, හම්බු ගන්වත් මුත් බලකරින් හම්බු නො ගන්වනු ඉසා (අමරවංස හිමි, 1969, 194 පිටු) දානය ගැනීමට අවස්‌ථාවක්‌ උදාකිරීම පමණක්‌ කළ යුතුය. කිසිවිටක බලකිරීමක්‌ සිදු නොකළ යුතුය. එසේ කළහොත් එම රාජ්‍ය නිලධාරියා කුමන නිලතලයක වුවත් පහකිරීම සිදුකළ යුතු බව මේ වූ ලිපියේ ස`දහන් වේ. මීට අමතරව විහාරයට අයත් වන වස්‌තුව, වැයවන වස්‌තුව භික්‍ෂු සංඝයා ඉදිරියේ අවුරුද්දකට වරක්‌ ස`දහන් කළ යුතුය. එම අවස්‌ථාවට කිසිම අයුරකින් රාජ්‍ය නිලධාරීන් මැදිහත්වීමක්‌ සිදු නොකරයි. එය අතිශය වැදගත් කාරණාවකි. මීට අමතරව භික්‍ෂුන් වහන්සේලාගේ භික්‍ෂුත්වය ආරක්‍ෂා කරගන්නා අයුරුත් පැවිදි කිරීමේදී අනුගමනය කළ යුතු අතිශය වැදගත් කාරණා කිහිපයක්‌ සිහිපත් කර ඇත.
 
 - සතර බණවර පුහුණු කළ අය මහණ කළ යුතු ය.
 
 - මහණ වන අයගෙන් වස්‌තුවක්‌ නොගත යුතු ය.
 
 - එක අවාසයක ඥාති භික්‍ෂුන් හතරක්‌ නොවැස්‌විය යුතුය.
 
 - අඩු වයස්‌ දරුවන් මහණ නොකළ යුතුය.
 
 - ආවාසයෙන් නෙරපූ භික්‍ෂුන් නැවත එම අවාසයට නොගත යුතුය.
 
 ඉහත දැක්‌වූ ආකාරයට විහාරස්‌ථානවලට ලැබූ වස්‌තුවෙන් යම් ප්‍රමාණයක්‌ ශේෂ වූයේ නම් ඒවා වැය කරන අයුරු ද සටහන් වී ඇත. ස`ගුන් දසත් වටා කම් නවාම් පූජා සිතුවම් කොට්‌ නම්වැඩියාත් ඇත ගම් ගන්නා ඉසා (අමරවංස හිමි, 1969, 197 පිටු) භික්‍ෂු සංඝයා වහන්සේ දාසයන්ට ප`ඩි ලබාදිය යුතුය. කර්මාන්ත, නව කර්මාන්ත, පූජා, චිත්‍ර කර්ම කිරීම ද කොට තවත් වස්‌තුව ඉතිරිවන්නේ නම් ඉඩම් ගත යුතු බව ස`දහන් කර ඇත.
 
 මේ අයුරින් ඪ මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපිය ද 5 වැනි කාශ්‍යප රජුගේ පුවරු ලිපිය ද ඇසුරු කර ගනිමින් රජ්‍යත්වය විසින් බුද්ධ ශාසනය ස`දහා කරන ලද මැදිහත් වීම පෙන්වාදී ඇත. ඒ මතු නොව රාජ්‍ය නිලධාරීන් විසින් භික්‍ෂුන් වහන්සේලා ඇසුරු කළ යුතු අයුරු ද දක්‌වා ඇත. රජු විසින් නෛතික රාමුවක්‌ තුළ භික්‍ෂුන් වහන්සේලා හැඩගැන් වූ නමුත් එකී නෛතික රාමුව කිසිවිටක භික්‍ෂුන් වහන්සේලාට අහිතකර හො අපහසු නොවී ඇත. ඕනෑම භික්‍ෂුවකට එක`ග විය හැකි, සුරක්‍ෂිත කළ හැකි ව්‍යවස්‌ථාවක්‌ අනුරාධපුර අගභාගය වන විට සම්මත කර ඇති බව යථොක්‌ත කරුණු තුළින් ගම්‍ය වේ.
 
 ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
 
 * අමරවංස නාහිමි, අකුරටියෙ දිසානායක, හේමචන්ද්‍ර වංසථප්පකාසිනී (සිංහලානුවාද සහිත) 1994 පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්වවිද්‍යාලය
 
 * අමරවංස හිමි කොත්මලේ ලක්‌දිව සෙල්ලිපි ඇම්. ඩී. ගුණසේන හා සමාගම, කොළඹ 10
 
 * ඤාණවිමල නාහිමි, කිරිඇල්ලේ දීපවංසො (සිංහලානුවාද සහිත) 1959 ඇම්. ඩී. ගුණසේන හා සමාගම කොළඹ 10
 
 * මංගල, ඉලංගසිංහ මහාවංසො (සංස්‌) 2006 ඇම්. ඩී. ගුණසේන හා සමාගම,කොළඹ 10
 
 * මේධානන්ද හිමි, එල්ලාවල ගලේ කෙටු අකුරු 01 2016 කර්තෘ ප්‍රකාශනය
 
 * විපස්‌සි හිමි, රඹුක්‌වැල්ලේ සමන්තපාසාදිකා බාහිර නිදාන වණ්‌ණනා2005 සමයවර්ධන පොත්හල, කොළඹ 10

1 comment:

  1. YouTube, YouTube, and VR Gambling Sites for Betting
    Video games are youtube mp3 a great way of teaching kids what it takes to gamble and win. It also teaches them how to place their bet using the techniques of betting

    ReplyDelete